by Staff writer 28-08-2021 | 10:38 PM
COLOMBO (News 1st) – තම වැඩිහිටි ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි පිරිසකට ඉන්දියාව අවම වශයෙන් කොවිඩ්-19 එක් එන්නතක් හෝ ලබා දී අවසන් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, වැඩිහිටි ජනගහනයෙන් මිලියන 473කට එනම් 50.30% කට මේ වනවිට කොවිඩ් මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා දී අවසන් ය.
ඉන්දියානු ජනගහනයෙන් මිලියන 473ක සංඛ්‍යාවක් මේ වනවිට කොවිඩ් 19 මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර තවත් මිලියන 138 කට ආසන්න සංඛ්‍යාවක් එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව ද එම වාර්තාවල දැක්වේ.
ඊයේ(27) දිනයේ පමණක් ඉන්දියාව එරට ජනතාව මිලියන 10කට වඩා වැඩි පිරිසකට එන්නත් ලබා දීම ද විශේෂත්වයකි.