ඇවිදින මංතීරුවේ වැඩ නවතී: පරාක්‍රම සමුද්‍රයෙන් මැණික් මතුවෙයි කියලා හිතුවද දන්නේ නෑ? - පූජ්‍ය අක්මීමන දයාරතන හිමි

by Staff writer 28-08-2021 | 9:55 PM

COLOMBO (News 1st) - පරාක්‍රම සමුද්‍රයේ බැම්මට හානිවෙන ආකාරයෙන් ඇවිදින මංතීරුවක් සකස් කිරීම සඳහා සිදු කෙරුණු මූලික වැඩ අද (28) මුළුමනින්ම නතර වී තිබුණු ආකාරය දක්නට ලැබුණි.

වසර දහස් ගණනක් රටකට කන්න බොන්න ඉඩකඩ සැලසූ අපේම වාරි වත්මක් තර්ජනයට ලක්ව ඇති බව නිව්ස්ෆස්ට් පෙන්වා දීමත් සමග මහා සඟරුවන මෙන්ම වෙනත් සංවිධාන අවදි විය. අද(28) මේ ස්ථානයට ගියේ, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ,ගොවි මහත්වරුන් ය. ගොවීන්,
මෙන් මේවා ගැලවෙනවා හේදෙනවා වැවට යනවා
ගොවීන්,
ඒ කියන්නේ මේක මේ වැහි පටන් ගන්න ඉස්සෙල්ලා තිබ්බ විදියට රළපනාව හැදුවේ නැත්නම්, මේ සියලු බන්ට් එක හේදිලා වැවට යනවා. මේක ජාතික අපරාධයක් කරලා තියෙන්නේ. මේ බලන්න මේ තියෙන පස් ටික කොහෙටද යන්නේ කියලා
ගොවීන්,
මේ පස්.. මොකද කරන්නේ ?
ගොවීන්,
අපි කියන්නේ දිසාපතිතුතමා ඇතුළු මැදිහත් වුණු සියලු නිලධාරීන්ට, දැන් තිබ්බ විදියට වැව රළපනාව හදලා දෙන්න. මේ ගල් නැවත ගන්න බෑ පිටන් ගල් ගෙනල්ලා හදලා දෙන්න තිබ්බ විදියට
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපති, ජගත් අරුණ කීර්ති
මාධ්‍යයෙන් හෙළිදරව් වෙනකන් ගොවි  සංවිධාන කිසි එකක් දැනුවත් වෙලා හිටියේ නෑ. ඇත්තටම මෙතනදී විශේෂ ස්තුතියක් කරන්න ඕනේ පොළොන්නරුවේ මහා සංඝරත්නයට. මේකට මැදිහත් වෙලා මේ ස්ථානයට වැඩම කරලා වැව බේරගන්න කටයුතු කිරීම පිළිබඳව සියලුම ගොවි ජනතාව වෙනුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය අනේක වාරයක්  ස්තුති වන්ත වෙනවා උන් වහන්සේලා සියලු දෙනාටම. වැඩක් නොකර කාලා තෙල දාලා ඉන්න එවුන්. මුන්ට නටන්න තමා මේක හදන්න යන්නේ. ඇයි මුන්ගේ අතපය හොල්ලලා වැඩක්  කරන්න බැරිද? එතකොට මේ අතපය හොල්ලලා මේ උදේ ඉදන් රෑ වෙනකන් අව්වේ කරවෙලා මේ වි ඇට නිෂ්පාදනය කරලා මුන්ට කන්න දෙන මේ ගොවියාගේ දවස කන්න තමයි මේ ලැස්ති වෙන්නේ. හැබැයි එක හඬින් කියන්නේ පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්න එපා. මේගොල්ලෝ සමහර අය කියනවා මේක හැදුවාම මොකද ලස්සන වෙන්න ඕනෙලු නගරේ හදන්න ඕනෙලු. අපේ ඉතිහාසේ ලියවිලා තියෙන්නේ මේ වගේ. මේ ගල් ගොඩවල් වල. මේ ජලාශයේ. මේ ජල කඳන්වල. හොඳට මතක තියාගන්න මේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට අත තියෙන මිනිස්සු ලෝකේ කොහෙවත් පරාක්‍රම සමුද්‍රයක් නෑ. ඒක තියෙන්නේ ලංකාවේ පොළොන්නරුවේ විතරයි. එතකොට පරාක්‍රම සමුද්‍රය පරාක්‍රම සමුද්‍රය විදියට තියෙන්න ඕනේ. පරාක්‍රම සමුද්‍රයට අත තියන්න ආවොත් දිවි හිමියෙන් ගොවියෝ එතන ඉන්නවා. ගෞරවනිය මහා සංඝරත්නයත් එක්ක. ඒක හොඳට මතක තියාගන්න.
පොළොන්නරු දිස්ත්‍රික් සාශනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමි,
ප්‍රතිපාදන විවිධ තැන්වලින් ලැබුණ කියලා දැනුවත් වුණත් ඒ ප්‍රතිපාදන දුන්නේ ඔතැන හදන්න නෙවෙයි කියන විශ්වාසය තියනවා. බොහෝ සෙයින් අපි දකින දේ අපිට හැඟෙන දේ තමයි මේක එච්චර කාලෝචිත ක්‍රියාදාමයක් නෙවෙයි. මේක ගැන මහා සංඝරත්නයත් තෙක් ඉදිරියට දැනුවත් කිරීමේ වැඩසටහනක් ගත කරගෙන තියෙනවා මහා සංඝරත්නයත් එක්ක. මේ ප්‍රශ්නය මෙතනින් විසඳලා අවසන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
උතුරුමැද පළාත් සභාවේ හිටපු මහඇමති, පේෂල ජයරත්න මහතා,
ඉංජිනේරුවන් දැන් මොනවා කිව්වත් මීට අවුරුදු 10කට 12හකට කලින් මට මතකයි ඔය වැව් බැම්මේ කියන ස්ථානයේ පිපුරුමක් තිබුණා. ඒ පිපුරුම තුළින් ජල කාන්දු වීම අවම කිරීම සඳහාත් ඔය වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉංජිනේරුවන් ම තමයි කටයුතු කළේ. ඒ නිසා එවැනි අවදානමක් තියෙන තැනක රළපනාව ඉවත් කරලා ඇවිදින මංතීරුවක් සැකසීම කිසිසේත්ම සුදුසු වන්නේ නෑ කියන එක තමයි මගේ පෞද්ගලික හැඟීම සහ මතය. යෝජනා කරපු දේශපාලන නායකයින් ඉදිරිපත් වෙලා ජනතාවට කරුණු කියන්න ඕන මෙන්න මේ නිසා තමයි අපි මේක ඉදි කරන්න අදහස් කළේ කියලා. එහෙම නැතුව ඒක නිලධාරීන් පිට දාලා වාරිමාර්ග ඉංජිනේරු වගේ පිට දාලා පුරාවිද්‍යා පිට දාලා වෙනත් නිලධාරීන්ගේ පිට දාලා මේකෙ හැංගිලා ඉන්නේ නැතුව ජනතාවට කරුණු කියන්න ඕනේ අපි මේක ගෙනාවේ.
සිංහල රාවයේ සභාපති,පූජ්‍ය අක්මීමන දයාරතන හිමි,
මේ කාගේ හරි පෞද්ගලික බඩගෝස්තරවාදී කීපදෙනෙක්ගේ බඩ බස්සගන්න හදන ඇවිදින මංතීරුවක් තමයි මේ හදන්න හදන්නේ පොළොන්නරුව මහා පරාක්‍රම සමුද්‍රය උපයෝගී කරගෙන. මහා පරාක්‍රමබාහු සමුද්‍රය එක පැත්තකින් බැලුවහම පුරාවිද්‍යාවට අයිති පුරාවිද්‍යාත්මක දේපලක්. පුරාවිද්‍යාත්මක දේපලකට කවුරුහරි යම් විනාසයක් ගැනීමක් හරි සංශෝධනයක් හරි ප්‍රතිසංස්කරණයක් හරි කරනවා නම් පුරාවිද්‍යාව මැදිහත් වෙලා තමයි ඒක කරන්න ඕන. දැන් දැක්කා ඊයේ දිනයේදී එහෙම පුරාවිද්‍යාත්මක මැදිහත්වීමත් අපි දැක්කෙ නෑ. අපි අහලා තියනව වැවක වැව් තාවුල්ලේ තමයි බොහෝ දුරට තියෙන නිධන් තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් තියෙන්නෙ. ඒ වගේ හිතුවද දන්නැහැ මේකෙන් මහා මැණික් මතුවේ. හවුලේ තැන්පත් කරන ලද පුරාවිද්‍යාත්මක නිදන් තියෙනවා කියලා හිතුවාද දන්නෙ නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නත්න මහතා මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(27) අදහස් පළ කළේය.
දැන් මේ සඳහා වෙන් කරලා තියෙන මුදල රුපියල් ලක්ෂවලින් ගත්තොත් ලක්ෂ 340 ක් මේකට වෙන් කරලා තියෙනවා. දැන් මේ ලක්ෂ 340 ක් වෙන්කරපු මේ මොහොතේ එක පැත්තකින් ගත්තත් මේ රටේ ජනතාවට කන්න බොන්න  බේත් හේත් නැතුව මරණයත් එක්ක සටනක් කරන යුගයක් මේ තියෙන්නේ. ආණ්ඩුව දිපු 5000 ,2000ට බැස්සුවා. දිපු සහනාධාර මල්ල දහදාහා පල්ලේහාට දැම්මා. මේ පරාක්‍රම සමුද්‍රයට තියපු අත හෙට දවසේ කලා වැවට තියෙනවා .  හෙට දවසේ මින්නේරිය වැවට තියෙනවා. මේවා නවත්තගන්න ඕනේ. පරාක්‍රම සමුද්‍රය වෙන්න පුළුවන් තිස්ස වැව වෙන්න පුළුවන්  කලා වැව වෙන්න පුළුවන් මේක වතුර ගබඩාවක් නෙවෙයි. මේක අපේ ලකුණ. බුවනෙක රාජ සභා මණ්ඩපයට ඩෝසර් දාලා ඩෝසර් කලා මේ කට්ටිය දේශපාලන මැදිහත් වීමක් ඇතුව . තිස්ස වැවට චීන කම්පැණියක් ඇවිල්ලා එතනට මැෂින් ටික දැම්මා. දැන් නවිනම ගොඳුර අලුත්ම ගොදුර බවට පත්වෙලා තියෙන්නේ ඓතිහාසික පොළොන්නරු පුරවරයේ පුලතිසි  පුරවරයේ පරාක්‍රම සමුද්‍රය.