නිරුවත් ඡායාරූප පෙන්වා කප්පම් ඉල්ලූ 02කුට වැඩ වරදී

නිරුවත් ඡායාරූප පෙන්වා කප්පම් ඉල්ලූ තරුණයින් දෙදෙනෙකුට වැඩ වරදී..

by Staff writer 28-08-2021 | 4:59 PM

COLOMBO (NEWS1ST) :  Facebook හරහා ලබා ගත් කාන්තාවකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප ලෙස සකස් කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර රුපියල් ලක්ෂ 02ක කප්පමක් ඉල්ලූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඔවුන් පරිගණක මෘදුකාංග විද්‍යාව හදාරණ උපාධි අපේක්ෂකයින් බවය. ඔවුන් අවුරුදු 20 සහ 23 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබූ පරිගණක යන්ත්‍ර 02ක් හා ජංගම දුරකථන 02ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙවැනි විමර්ශන සිදු කරන පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට මේ වනවිට පැමිණිලි 1912 ක් ලැබී ඇති බවය. මෙය පිහිටවනු ලැබූවේ පසුගිය මාර්තු 24 වැනිදාය.