සීනිවලින් රුපියල් 100ක් ගසාකන අතරමැදියා කවු ද?

සීනිවලින් රුපියල් 100ක් ගසාකන අතරමැදියා කවු ද? - අසේල සම්පත්

by Staff writer 27-08-2021 | 10:12 PM

COLOMBO (News 1st)  - රට තුළ පවතින සීනි ගැටලුව සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, අසේල සම්පත් මහතා අද ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

එහිදී ඔහු විමසා සිටියේ සීනිවලින් රුපියල් 100 ක් ගසා කන අතරමැදියා කවුරුන්ද යන්න පිළිබඳවයි. මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, අසේල සම්පත් මහතා,
ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ රුපියල් 49ක සහනයක් ලබා දුන්නා ආනයන බදු අඩු කරලා ව්‍යාපාරිකයෝ ටික පුළුවන් තරම් සීනි ආනයනය කරලා ඒ 49 සහනය ඒ ගොල්ලෝ සාක්කුවේ දාගෙන යන තැන්වලට කොමිස් ටිකක් දීගෙන අද වෙනකොට දැන් රුපියල් 220ට සීනි ගිහින් තියනවා. රුපියල් 80 ට සතොසේ දුන්නු සීනි මේ පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමතිවරයා කියනවා නම් රුපියල් 100 ක ලාභයක් ලබා ගන්නවා කියනවා නම් ඒ 100 ගන්නේ කවුද කියන එක කියන්න ඇමතිවරයාට කොන්ද පන නෑ. අද වෙනකොට සීනිවල බරපතල ප්‍රශ්නයක් තියනවා. වීදුරු කෑලි වගේ මේ සීනි තියෙන්නේ. මේ සීනි අල්ලට කාලා තේ බොනකොට හක්ක පනිනවා පට පටස් ගාලා මේක හපන්න. රමේෂ් පතිරණ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිව්වා මාස 6කට සීනි තියෙනවා ලංකාවේ. එහෙම නම් ඒ සීනි තියෙන්නේ කොහෙද? අර වී ගබඩාවලට තිබ්බ සීල් එක පුළුවන් නම් ගිහිල්ලා සීනි ගබඩාවලට තියන්න. අද දිනේදි මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවක් තියන බව අපි දන්නවා. අන්තිමේ එළියට ඇවිත් කියන්නේ බක් බුක් බුක් තමයි. මේක අඩු කරන්න විදියටක් නෑ