තමිල්නාඩුවට පැමිණි ලාංකිකයින් වෙනුවෙන් සැලැස්මක්

සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ඉන්දියානු රුපියල් කෝටි 317ක සැලැස්මක් - තමිල්නාඩු ප්‍රධාන ඇමති

by Staff writer 27-08-2021 | 9:39 PM

COLOMBO (News 1st) - සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ඉන්දියානු රුපියල් කෝටි 317 ක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං මහතා ප්‍රකාශ කරයි.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, එම්. කේ. ස්ටාලිං මහතා,
ගෘහමූලිකයන්ට මාසෙකට රුපියල් 1500 ක් වගේම අනෙක් අයට රුපියල් 1000ක්, දරුවන්ට රුපියල් 500 බැගින් ලබා දෙනවා. හැම පවුලකටම නොමිලේ ගෑස් සබඳතා වගේම ගෑස් ලිප් ලබා දෙනවා. ගෑස් සිලින්ඩර 5ක් මිලදී ගන්න රුපියල් 400 බැගින් වෙන් කරනවා. සරණාගත කඳවුරුවල ජීවත් වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට මේ දක්වා හාල් කිලෝ ග්‍රෑම් 20ක් කිලෝව සත 57ක් බැගින් සහන මිලට ලබා දුන්නා. ඒ ක්‍රමය නවත්තලා මේ මුළු සහල් තොගයම නොමිලේ ලබා දෙනවා.