වරායේ සිරවී ඇති සීනි කන්ටේනර්වලට සහන..

වරායේ සිරවී ඇති සීනි කන්ටේනර්වලට සහන දෙන්න සූදානම්.. - රෝහිත අබේගුණවර්ධන

by Staff writer 27-08-2021 | 10:19 PM

COLOMBO (News 1st) - අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති සීනි මිල අඩු කිරීම පිණිස වරායේ සිර වී ඇති සීනි කන්ටේනර්වලට සහන දීමට වරාය ඇමතිවරයා සූදානම් වෙයි.

වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා,
සීනි කන්ටේනර් රාශියක් වරායට ඇවිල්ලා වරායේ තබාගෙන තියෙනවා. ඔවුන් නිදහස් කරන්නේ නැතුව ඩොලරයේ මිල ඉහළ යාම තුළ ආනයනකරුවන්ට ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා කියලා ප්‍රමාද ගාස්තුත් දවසින් දවස වැඩිවෙලා තියෙනවා. අපි සීනි ආනයනකරුවන්ට කිව්වා එක සීනි ඇටයක්වත් තමුන්නාන්සේලාට විකුණනන්න බෑ. අපි ඒ වරාය ගාස්තු නිදහස් කරලා දෙනවා. හැබැයි ඒ ඔක්කොම ටික සතොසට දෙන්න ඕනේ. ඒ ඉබි යතුරු දාන ගබඩාවල එක යතුරක් අපේ වරාය අමාත්‍යාංශයට අනිත් යතුර වෙළෙඳ අමාත්‍යාංශයට අනිත් යතුර සතොසට ලබා දීලා අපි තුන්ගොල්ලම එකතු වෙලා තමයි සීනි ටික සතොසට ගෙනියන්න ලෑස්ති වෙන්නේ. වරාය හැටියට පාඩුවක් විඳගෙන මේ තීන්දුව මම ගත්තේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, රටේ ජනතාවට අඩු මිලට සීනි ලබාදීමේ කටයුත්ත වෙනුවෙන්