රු. කෝටි 06 අලුත්වැඩියාව ගැන BOI පැහැදිලි කිරීම..

රුපියල් කෝටි 06 අලුත්වැඩියාව ගැන BOI පැහැදිලි කිරීම..

by Staff writer 27-08-2021 | 10:32 PM

COLOMBO (News 1st)- 2021 ජනවාරි මාසයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 24වැනි මහලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්යාලය අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි 06කට අධික මුදලක ඇස්තමේන්තුවක් සැකසීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැහැදිලි කිරීමක් කර තිබේ.

එහි දැක්වෙන්නේ 24වැනි මහල නිරතුරුවම ආයෝජකයින් ගැවසෙන මහලක් බවය. ආයෝජනවලට අයැදුම්පත් ලබා දීම, අවසර ලබා දීම වැනි ඉතා වැදගත් ක්‍රියාවන් සිදුවන අතර මෙම ස්ථානයට පැමිණෙන අයෝජකයින් ඉඩ පහසුකම් අඩු බැවින් සහ පැරණි ගෘහ භාණ්ඩ හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙන බව සඳහන්ය. කාර්යාලයේ අඩුපාඩු සකසා ගැනීම සඳහා ඇස්තමේන්තුවක් සකස් කෙරුණත්, වසංගතය උත්සන්න වීමත් සමග ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඉදිරි පියවරයන්ට අදාළ කාලරාමු නැවතත් තක්සේරු කිරීමේ අභ්‍යන්තර තීරණයක් ගෙන ඇති බව ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.