නිරෝධායන නීති කැඩූ 626ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝණය කළ 626ක් අත්අඩංගුවට

by Staff writer 27-08-2021 | 12:21 PM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 626 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 59,621 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය. මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ(26) දිනය තුළ බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් 515ක් සහ ඔවුන් ගමන් කළ වාහන 307 ක් පරීක්ෂා කර ඇත. මේ අතර අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 580 දෙනෙකු සමග ඔවුන් පැමිණි වාහන 302ක් ද පරීක්ෂා කර ඇති බව පොලීසිය පවසයි.