නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 6 අලුයම 4 දක්වා දීර්ඝ කෙරේ

by Staff writer 27-08-2021 | 1:17 PM

COLOMBO (NEWS1ST) : දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් මස 06 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි, ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි ය. දැනට ක්‍රියාත්මක  නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදා උදෑසන 4.00 ට අවසන් වීමට නියමිතව තිබිණ.