කාබුල් පිපිරීම්වලින් පුද්ගලයින් 90 මරුට

UPDATE : කාබුල්හි පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 90 ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 27-08-2021 | 8:30 AM

COLOMBO (NEWS1ST) 8.30 Am : ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම්වලින් මිය ගිය පිරිස 90 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, තුවාල ලැබූ පිරිස ද 150ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

..................................................................................................................................

COLOMBO (NEWS1ST) 7.30 Am  :  ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ බෝම්බ පිපිරීම් දෙකෙන් අමෙරිකානු හමුදා භටයින් 13 ඇතුළුව පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි, වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, තවත් පුද්ගලයින් 140 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. මේ අතර පෙන්ටගනය නිවේදනය කර ඇත්තේ, මියගිය පිරිස අතර අමෙරිකානු හමුදා භටයින් 12 දෙනෙකු සහ නාවික වෛද්යවරයෙකු ද සිටින බවත් අමෙරිකානු හමුදා භටයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ය. මේ අතර මෙම බෝම්බ පිිපිරීම් සිදුවන්නට පිය කිහිපයකට පෙර ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් දෙවන වරටත් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සිය පුරවැසියන්ට දැනුම් දුන්නේ, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බැවින් වහාම ගුවන්තොටුපළ ආශ්‍රිත පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි. කේසේ වෙතත් අනතුරු ඇඟවීම් නිකුක් කර පිය කිහිපයකට පසු ගුවන් තොටුපොළෙන් පිටත පිපිරීම් සිදුව ඇති අතර එහි පළමු පිපිරීම සිදුව ඇත්තේ,  ගුවන් තොටුපළට අසන්නව පිහිටි බාරොන් හෝටලය අසලදී එරට වේලාවෙන් පස්වරු 6.00ට පමණයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටි ඇෆ්ගනිස්ථාන වැසියන් සූදානම් කිරීම සඳහා බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් එම හෝටලය භාවිත කරමින් සිට ඇති බවයි. එහිදී වෙඩි ප්‍රහාර ද එල්ල වී ඇති අතර පසුව ගුවන් තොටුපොළේ ප්‍රධාන පිවිසුම් දොරටුව වන අබේ දොරටුව අසලදී දෙවන පිපිරීම සිදුව ඇත. දෙවන පිපිරීම සිදු වූයේ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පෝලිමේ බලා සිටි අපද්‍රව්‍ය ඇළක් අසල පිවිසුුම ආසන්නයේ බවත්, ඇතැමුන් ජලයට ගසාගෙන ගොස් ඇති බවටත් විදෙස් වාර්තාවල සඳහන් ය. පෙර පුවත...

?කාබුල් ගුවන් තොටුපළට ත්‍රස්ත ප්‍රහාර අනතුරු ඇඟවීමක්..