by Staff writer 27-08-2021 | 9:36 PM
COLOMBO (News 1st) - වෛද්‍ය විශේෂඥයන්ගේ පුරෝකතන තහවුරු කරමින් දෛනික මරණ 200 ඉක්මවා යන වාතාවරණයක ආණ්ඩුවේ ඇමතිවරුන් කොරෝනා යනු සුළු රෝගයක් බව ඇඟවීමේ ප්‍රකාශ කරන්නේ ඇයි දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.
කොරෝනා ආරම්භ වූ චීනයේ මිය ගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා එනම් 9,000 කට ආසන්න පිරිසගේ ජීවිත මේ වනවිටත් රටට අහිමි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
රට වසා දැමීමෙන් පසු ජන ජීවිතය සුරක්ෂිත කිරීමේ වගකීමෙන් ආණ්ඩුව බැහැර වී ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල උසුලා ගත නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
මේ නිවේදනයේ සඳහන් වන්නේ, වී කිලෝ 05ක් අලෙවි කළත් අද පවතින අධික මිල නිසා සීනි කිලෝවක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවය.
රට ගොඩනැගීම හෝ සංවර්ධනය කිරීමට නොහැකි වුවත් අවම වශයෙන් රටේ පුරවැසියන්ට ජීවත්වීමේ අයිතිය හෝ සහතික කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.