තවත් කොරෝනා මරණ  214 ක්..

කොරෝනා මරණ 214 ක්.., මරණකරුවන් අතරින් 5 ක් අවුරුදු 30 ට අඩු ආසාදිතයින්

by Sagarika Chathumali 27-08-2021 | 8:26 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 214 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,371 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 120 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 94 දෙනා කාන්තාවන් ය. වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 5 දෙනෙක් සිටිති. ඉන් තිදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි දෙදෙනා කාන්තා ආසාදිතයින් ය. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 58 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 151 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (27) වාර්තා කරන ලද මෙම මරණ 214 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.