සහල් තොග සැඟවීමේ ජාවාරමක්...

සහල් තොග සැඟවීමේ ජාවාරමක්

by Staff writer 26-08-2021 | 10:15 PM

COLOMBO (NEWS1ST) : සහල් තොග වැඩි මිලට අලෙවි කරන්නන්ට එරෙහි නීතී දැඩි කිරීමත් සමග සහල් තොග සැඟවීමේ ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පාරිභෝගික ආධිකාරිය සමත් විය.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ දින සිට පොළොන්නරුව දිස්‍ත්‍රික්කයේ හා අම්පාර දිස්ත්‍රික්කයේ නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ අතරමැදි වී තොග ගබඩා වැටලීමේ හා මුද්‍රා තැබීම් සිදු කළේ ය. අද දෙවනි දිනටත් අනුරාධපුර හා අම්පාර යන ප්‍රදේශයන්හි නීති විරෝධී අතරමැදි වී තොග ගබඩා 20කට ආසන්න ප්‍රමාණයක් වටලා, මුද්‍රා තබා තිබේ. චවලකඩේ ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ වී තොග ගබඩාවක් ද මීට අයත් වේ. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇතුළු වැටලීම් කණ්ඩායම විසින් වැඩිදුරටත් සිදු කරන ලද නිරීක්ෂණවලින් පසුව වී කිලෝ ලක්ෂ 30ක් පමණ වන මෙම සමස්ත වී තොගයම රැස් කර ඇත්තේ බියර් නිෂ්පාදන අමුද්‍රව්‍යයක් වශයෙන් බවට තහවුරු වී තිබේ. අතරමැදි වී තොග ගබඩා මුද්‍රා තැබීමට ගත් තීරණය හේතුවෙන් ගබඩා හිමිකරුවන් කිහිපදෙනෙක්ම තමා සතු සම්පූර්ණ වී තොගයම රජයේ සහතික මිළට වී අළෙවි මණ්ඩලයට ලබා දීමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී ඇති බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.