COLOMBO (News 1st) – මෙරටින් තවත් කොරෝනා මරණ 209 ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ අතරින් 108 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 101 දෙනා කාන්තාවන් ය.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 46 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 163 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.
අද (26) වාර්තා කරන ලද මෙම මරණ 209 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
මේ අතර අද දිනයේ නව කොරෝනා ආසාදිතයින් 4,602 දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය.
