ගෙවුණු දිනයේ නිරෝධායන නීති කැඩූ 581ක් දැලේ

නිරෝධායන නීති කැඩූ 58,000කට අධික පිරිසක් මේ දක්වා අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 26-08-2021 | 5:22 PM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද(26) උදෑසන 6.00 න් අවසන් වූ ගතවු පැය 24 තුළ කළ මෙහෙයුම්වලදීය. පොලීසිය සඳහන් කළේ, ඒ අනුව, මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝණය කළ සමස්ත පුද්ගලයින් 58,995 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ(25) දිනය තුළ , බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් 743 දෙනෙකු සමග ඔවුන් ගමන් කළ වාහන 384ක් පරික්ෂාවට ලක් කර ඇති බව පොලීසිය පවසයි. අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයින් 1,027 දෙනෙකු සමග ඔවුන් ගමන් කළ වාහන 559ක් ද පරික්ෂාවට ලක්කර තිබේ.