COLOMBO (NEWS1ST) : අප්‍රේල් 15 වැනිදා සිට ගෙවුණු මාස 4 ක පමණ කාලය තුළ පමණක් මෙරටින් කොරෝනා මරණ 7339 ක් වාර්තා වී තිබේ.
2020 මාර්තු 11 වැනිදා සිට ඔක්තෝබර් 03 වැනිදා දක්වා කොරෝනා පළමු රැල්ලේ මරණ වාර්තා වුයේ 13 ක් පමණි.
මරණ 596 ක් ම වාර්තා වුයේ 2020 ඔක්තෝබර් 04 වැනිදා සිට 2021 අප්‍රේල් 14 වැනිදා දක්වා කාල පරාසය තුළයි.
අගෝස්තු 14 ත් 20 ත් අතර වාර්තා වු කොරෝනා මරණ අතරින් මරණ 155 ක් ම නිවෙස් තුළදී සිදුවිය.
අදාළ කාලසීමාව තුළ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී 990 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර රෝහල්ගත කරන අවස්ථාවේ හෝ රෝහල්ගත කිරීමට පෙර 65 දෙනෙකු මිය ගියේ ය.
කෙසේ වෙතත් අගෝස්තු මස 21 වැනිදා සිට ඊයේ දිනය දක්වා දින 5 ක කාලය තුළ පමණක් මෙරට කොරෝනා මරණ 963 ක් සිදුව තිබේ.
එම දින 5 න් දින 4 කදීම 4000 ඉක්මවු ආසාදිතයන් පිරිසක් වාර්තා විය.
ප්රශ්නය : බොහෝ වාර්තා පළ වනවා ජනගහනයට සාපේක්ෂව ශ්‍රී ලංකාව ආශ්රිත රෝගීන් සහ මරණ වාර්තා කිරීමේදී අපි යම්කිසි අවධානමක සිටිනවා. අනිත් රටවලට සාපේක්ෂව විශේෂයෙන්ම ඉන්දියාව සහ අමෙරිකාවට සාපේක්ෂව. ඇත්තටම අපි අවදානම්කාරී තත්ත්වයක ද සිටින්නේ?
මේ ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා
''මේකේ වාර්තා කරන ක්‍රම 2 ක් තියෙනවා. දෛනිකව සහ අනෙකුත් සියලුම මරණත් එක්ක. දෛනිකව වාර්තා කරන ප්‍රමාණය තමයි එක දිනයේදී 190 ක් වුණාම 10 වැනි ස්ථානයේ කියනවා. 13 වැනි ස්ථානයේ කියනවා . 15 වැනි ස්ථානයේ කියනවා . නමුත් සමස්ත මරණ ගත්තොත් අපි ඉන්නේ 90 ගණන්වල. ඉතින් මෙය හැම රටකටම පොදු වෙච්ච දෙයක්. සමහර රටවල්වල මරණ සියයට සියයක් වාර්තා කරනවා. සමහර රටවල මරණ සියයට සියයක් වාර්තා වෙන්නේ නෑ. නමුත් ලංකාවේ හැම මරණයක්ම අපිට වාර්තා වනවා. මොකද අපි සියලුම මරණ ලියාපදිංචි කරලා අපි භූමදානය හෝ ආදාහනය කරන්න ඕනේ. ඒ නිසා අපගේ මරණ සියයට සියයක් අපි නිවැරදිව වාර්තා කරනවා''
මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දරුවන් ද එම රෝගයට වැඩිවශයෙන් ගොදුරු වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා දෙමාපියන්ට දැනුම් දෙන්නේ වයස අවුරුදු 2 වඩා අඩු දරුවන් රෝගි ලක්ෂණයක් පහළ වු වහාම රෝහල් කරා ඇතුළත් කරන ලෙසයි.
''සමහරක් වෙලාවට දෙමාපියන්ට මේ දරුවන් කෙරේ අවධානය ගිලිහුණු අවස්ථාවල් සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා. ටිකක් ප්‍රමාද වෙලා රෝහල්වලට රැගෙන එන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. මම කියන්න කැමතියි මේ කුඩා දරුවන්ගේ මේ රෝගී තත්ත්වය වැළදුණු විට විශේෂයෙන්ම අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ගේ තමන්ගේ රෝග ලක්ෂන ප්‍රකාශ කිරීමට මේ දරුවන්ට හැකියාවක් නෑ. ඒවාගේම දරුවන්ගේ තියෙන රෝග ලක්ෂ සොයා ගැනීමට දෙමාපියන්ටත් අපහසුයි. පොඩි හරි වෙනසක් තියෙනවා නම් දරුවන්ගේ රෝහල්වලට රැගෙන එන්න. එසේ නොමැතිව ප්‍රමාද වීම තුළ රෝහලට රැගෙන ආවම සමහර වෙලාවට අපිට මේ දරුවන් ආරක්ෂා කර ගැනීමටත් හැකියාවක් ලැබෙන්නෙ නෑ''
දරුවෙකුට කොවිඩ් වැළදී ඇති බව හඳුනා ගත හැක්කේ කෙසේද?
''ඔබට අධික්ෂණය කරන්නට තිබෙනනේ දරුවා ඇවිදින විට වෙනදාට වඩා මහන්සි ගතියක් දැනෙනවා ද කියා නිරික්ෂණය කරන්න. ඉතා කෙටි දුරක් ඇවිදීමේදී දරුවා නතර වෙනවා නම් වාඩි වෙනවා නම් හුස්ම ගන්න වේගය වැඩි නම් ඒවාගේම තොල් සාමාන්‍යයෙන් කළු පැහැ වාගේ ගන්නවා නම් ඒවාගේම ඇස් වාගේ දේවල් අව පැහැයක් ගන්නවා නම් සම මලානික ස්වභාවයක් ගන්නවා නම් සමහරක් වෙලාවට මේ ඔක්සිජන් අඩු වීම වෙන්න පුළුවන්. මේවා තමයි අපිට සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. නමුත් අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ගේ මේවා නිරික්ෂණය කිරීම ඉතාමත්ම අපහසුයි''
- විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය -
කොවිඩ්වලින් ආරක්ෂා වීමට දරුවන්ට නිවසේදී ලබාදීමට ඖෂධ තිබේ ද?
''කිසි සේත්ම කිසිම ඖෂධ වර්ගයක් ළමුන්ට දරුවන්ට දීමට යන්න එපා. වෛද්‍ය අවවාදයකින් තොරව. සමහරක් අය අහනවා මේ විටමින් C වර්ග ලබාදෙන්නද කියලා. මේ විටමින් C වර්ග වුණත් අධික ප්‍රමාණයක් මේ කුඩා දරුවන්ට ලැබීම තුළින් ඔවුන්ගේ ඉන්දියන්ගේ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම ආකාරයකින් මේ ඖෂධ වර්ග විටමින් වර්ග විශේෂයෙන්ම මේ කුඩා දරුවන්ට ළමයින්ට දීමට කටයුතු කරන්න යන්න එපා. සමහර විට ඔබේ දරුවාට මෙය තුළින් හානියක් සිදුවීමට හැකියාවක් තියෙනවා''
- විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය -
https://www.youtube.com/watch?v=GWgcTygCc_A