COLOMBO (NEWS1ST) : පවතින තත්ත්වය හේතුවෙන් තවත් සතියක් හො සති දෙකක කාලයක් රට වසා දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා පවසන්නේ, මංගල සමරවීර මහතා, ආර්. රාජමහේන්ද්‍රන් මහතා, ඩි. එස්. විජේසිංහ වැනි රටේ ප්‍රධාන පුද්ගලයින් ගණනාවක් මේ වනවිට කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇති බවයි.
රජය ක්‍රියාත්මක කර ඇති දින 10 ක ලොක් ඩවුන් වැඩසටහන වෛද්‍ය උපදෙස් අනුව ප්‍රමාණවත් නොවන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.
''කොවිඩ් වසංගතයට ශීඝ්‍රයෙන් පැතිරෙනවා. එන්නත් අපි ලබාදෙන සංඛ්‍යාව වැඩි වුණත් ඒකට ගොදුරු වෙන සංඛ්‍යාවත් වැඩි වෙලා තිබෙනවා. රජය විසින් දවස් 10 ක ලොක්ඩවුන් වැඩසටහනක් ක්‍රියාත්මක කරල තිබෙනවා. ඒත් වෛද්‍ය උපදෙස් අනුව ඒක මදි. මේ පරමාර්ථ දෙකම අපි ඉෂ්ට කරගන්න නම් ඇත්ත වශයෙන්ම තව සතියක් සති දෙකක් ඒ අනුවම ලොක්ඩවුන් වැඩසටහනක් උවමනයි. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ගැන ක්‍රියා කරන්න කියලා මම ප්‍රකාශ කරනවා''
රජය ප්‍රකාශයට පත් කර ඇති දින 10 ලොක්ඩවුන් වැඩසටහනට සියලු දෙනා සම්පූර්ණ සහය දී ඇති බව සඳහන් කරන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ, ලොක්ඩවුන් වැඩසටහනක් නොමැතිව වන හානිය ලොක්ඩවුන් වැඩසටහනක් සමග වන හානියට වඩා වැඩියි බවයි.
''ඉතිං අපිට ඒකෙන් ගොඩ එන්නනම් එකම විකල්පය තියෙන්නේ වහාම අයි.එම්.එෆ්. සංවිධානය සමග සාකච්ජා කරලා ඒ ආර්ථිකය සඳහා සහයෝගය ලබා ගන්න. දැනට අපි ඩොලර් කෝටි 72 ක් ලබලා දීලා තිබෙනවා. කොවිඩ් වෙනුවෙන් යොදවා ගන්න. ඒ නිසා මම ජනාධිපතිතුමත් අගමැතිතුමත් කැබිනට් මණ්ඩලයෙන් කරන යෝජනාව තමයි අපි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමු''