ඉදිරියේදී ගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ..

ගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීමේ සැලසුමක්

by Staff writer 26-08-2021 | 11:08 PM

COLOMBO (NEWS1ST) :  ගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ, අද වෘත්තිය සමිති සංගම් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී ය. කොවිඩ් ආසාදිතව මියයන පිරිසෙන් 86 %ක් පමණ විවිධ සංකූලතා සහිත පිරිස් බවත්, ඉන් 12% ක් පළමු එන්නත පමණක් ලබා ගෙන ඇති බවත්, අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය. මියගිය අයගෙන් එන්නත් දෙකම ලබාගෙන ඇති පිරිස 2.5% ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් ද, විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බව, සඳහන් කළේ ය.