අද කොටස් වෙළෙඳපොළ තත්ත්වය

අද කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 8920 අගය පසු කරයි

by Staff writer 26-08-2021 | 11:06 PM

COLOMBO (News 1st) - අද(26) කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 8920 අගය පසු කළේය.

ඒ ඊයේ(25) පැවති අගයට 164ක පදනම් ලකුණු එකතුවීමත් සමගයි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය, 8920.71ක අගයකට ආසන්න විය. අද(26) මෙම අගය වාර්තා වීමට පෙර පැවති වැඩිම කොටස් මිල දර්ශක අගය වාර්තා වුණේ ජනවාරි මාසයේදී වන අතර එහි අගය 8812කි. එමෙන්ම අද කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුමේ අගය සටහන් වූයේ රුපියල් බිලියන 10.5 ක් ලෙසය. ගතවූ පැය 72ක කාලය තුළ වර්ධනය වෙමින් පැවති සියලු කොටස් මිල දර්ශකය සියයට 8.3ක ප්‍රතිශතයකින් වැඩි වී තිබේ.