.webp)
ලෝකයේ කොවිඩ් පැතිරීම දිහා බැලුවම තමන් පරීක්ෂණයක් කර ගැනීමේ කාර්ය සුලබ කරලා තියෙනවා. දැන් අපි ඉන්දියාව වගේ බැලුවම මේ පරීක්ෂණයක් රුපියල් 175 ක් වගේ මුදලකට ඇන්ටිජන් ටෙස්ට් කිට් එකක් අරගෙන තමන්ට පරීක්ෂණයක් කරගන්න පුළුවන්. දැන් එංගලන්තයවගේ දියුණු රටවල්වල අපිට ඇන්ටිජන් ටෙස්ට් කිට් එක තැපෑලෙන් යවනවා ගෙවල්වලට. ආණ්ඩුවට රජයේ රෝහල්වලින්ම මේ පී.සී.ආර්. කරන එකයි රැපිඩ් ඇන්ටිජන් කරන එකයි ඒකාධිකාරයක් තියාගෙන මේක විසඳන්න බැහැ. ඒ නිසා කරුණාකර පෞද්ගලික අංශයට මේක දෙන්න. හැම ෆාමසියකින්ම මේක ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අමාරු මිනිස්සුන්ට ප්‍රජා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය හරහා නිවෙස්වලට යවන්න. අද ආණ්ඩුව එක දෙන්නේ නැතුව ඒකාධිකාරය තියන් ඉන්නවා. බිස්නස් එකක් කරගෙන ඉන්නවා. එහෙම කරන්න එපා. එහෙම කරලා මේක විසඳන්න බෑ. කරුණාකරලා රැපිඩ් ඇන්ටිජන් එක පෞද්ගලික අංශයේ හැම කෙනෙකුටම ගේන්න ඉඩ හැරලා හැම ෆාමසි ඒකටම දෙන්න ඉඩ හරින්න. අනික් පැත්තෙන් මිනිස්සුන්ට තැපෑලෙන් හරි යවලා මිනිස්සුන්ට දීලා මේ රෝගය අඳුර ගන්න ඉඩ සලස්වන්න. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරන්න රුපියල් දෙදහක් ඕනෙ. නිකං හිතන්න අහිංසක මිනිහෙක්ට සමෘද්ධි සහනාධාරය ගන්න මනුස්සයට දෙන්නෙත් දෙදහයි. රැපිඩ් ඇන්ටිජින් කරන්න ගිහිල්ලා රුපියල් දෙදහා දුන්නොත් දවස් 10ටම කන නෑ. තමන්ට කන්ඩත් නෑ තමන්ගේ දරුවන්ට කන්නත් නෑ. රුපියල් 150කට දෙසියකට මේක ගන්න පුළුවන් රාජ්‍යයන් අතර සාකච්ඡා කරලා. මේක අරගෙන නොමිලේ දෙන්න. නොමිලේ දෙන්නැතුව 150ට 175කට ගේන එක 2000 ට දුන්නම මේක කරන්න බැහැ.වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා,
මේ තමයි ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් කර ගැනීම සඳහා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශ. මම මේකේ හතරවෙනි වාක්‍ය කියවන්නම්. මේකෙන් කියන්නේ මේ රැපිට් ඇන්ඩිජන් එක ෆ්‍රී කරන්න බැහැ. මනුස්සයෙක්ගේ ඩිමාන්ඩ් එකට සැපයුම දෙන්න. බෑ දෙනවා නම් අර මහා පරිමාණ විශේෂඥ කණ්ඩායම ඇවිල්ලා ඇසෙස්මන්ට් එකක් කරලා දැන් හරි කියලා කියන්න ඕන. මේක තමයි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතන විදිය. මේ පරීක්ෂණ කිරීමට තියෙන හැකියාව අයින් කරන එක. මේ මිල ඉහළ දැමීම සහ සංකීර්ණකම ලබාදීම පිළිබඳව මේ රටේ වසංගත පාලනය කරන්න ඉතා විශාල වශයෙන් බලපාන බව කියන්න ඕනේ. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශවලින් මෙය හදලා තියෙන්නේ ඊනියා විශේෂඥ කල්ලිවලින්.