මතුගම සැකකරුගේ දේහය.. අධිකරණයෙන් නියෝගයක්

මතුගම සැකකරුගේ දේහය කළුතර රෝහල් මෘත ශරිරාගාරයේම තබන්නැයි, නියෝග

by Staff writer 25-08-2021 | 10:30 PM

COLOMBO (NEWS1ST) :   පසුගිය අගෝස්තු 22 වැනිදා නීති විරෝධී මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු මතුගම අත්අඩංගුවට ගෙන තිබිණ.

පැය කිහිපයකින් ඔහු අසනීප බවට පොලිසියෙන් නිවසට තොරතුරක් ලැබී තිබූ අතර එතැන් සිට ගෙවුණු පැය කිහිපයකදී සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. පශ්චාත් මරණ පරික්ෂණයේ දැක්වෙන්නේ, අත්අඩංගුවේ සිටි පුද්ගලයා මියගියේ කොවිඩ් ආසාදනයවිමෙන් ඇතුළු සංකූලතා මත මියගොස් ඇති බවටයි. අද (25) මතුගම මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිතාන මහතා ඉදිරියේ සාක්ෂි විමසීම් සිදුකෙරිණ. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඉදිරි පරික්ෂණ මතුගම දොඩංගොඩ පොලීසියට ලබාදෙන ලෙසයි. මියගිය සැකකරුගේ දේහය කළුතර රෝහලේ මෘත ශරිරාගාරයේම තබන ලෙසට මහේස්ත්‍රාත්වරයා කළුතර රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කළේ ය. හෙට දිනයේ ත් මේ පිළිබඳව සාක්ෂි විමසීමට නියමිතයි. මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ, මරණයට හේතුව කොවිඩ් නම් තමන්ට පී.සි.ආර්.වාර්තාව පෙන්වන ලෙසයි. ''මේකට මට සාධාරණයක් වෙන්නම ඕනේ. අපිට පී.සී.ආර් වාර්තාව පෙන්වන්න කිව්වා පෙන්වුයේ නැහැ. කිසිම පාරක් නැහැ කිව්වා. ඕනේ මගුලක් කරගන්න කිව්වා කිසිම පාරක් නැහැ කිව්වා'' -මියගිය පුද්ගලයාගේ බිරිඳ -