COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය හමුවකදී කළ අදහස් පළ කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය.
මීට පෙර පසුගිය 23 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ෂෙහාන් මාලකට දන්වා තිබුණත් ඔහුගේ නීතිඥයින් විසින් දැනුම් දී තිබුණේ, අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවය.
ඒ අනුව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ පැමිණි අතර පැය 07කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.
සමාජ ක්‍රියාකාරික, ෂෙහාන් මාලක මහතා,
පාස්කු සිද්ධියේ මේ දක්වා මම සම්බන්ධ වෙච්ච කරුණු ගැන විමර්ශනය සහ ඒ අදාළ විමර්ශනය ප්‍රකාශ සටහන් කර ගත්තා. හෙට දවසේදී මා පහුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නවා කියලා තමයි කිව්වේ බොහෝම කැමැත්තෙන් සැදි පැහැදී සිටිනවා මේ යුක්තිය උදාකර ගැනීම වෙනුවෙන් සත්‍ය හෙළිකර ගැනීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දායක්තවය ලබා දෙන්න.
සමාජීය හා සාමුහික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, රොහාන් ද සිල්වා පියතුමා,
ඉතින් අපි විශ්වාස කරනවා. පරීක්ෂණ තුළ අපි විශ්වාස කරන සත්‍ය හා යුක්තිය අපිට ඉෂ්ට වෙයි කියලා මේ සඳහා මේ තරුණයෝ සහ පූජකතුමන්ලා සභාව සහ අපේ ක්‍රියාකාරි සියලු දෙනා පෙනි සිටින්නේ යුක්තිය හා සත්‍ය වෙනුවෙන් එය සොයා ගැනීමේ ගමනේ අපි ඉන්නේ ඉතින් ඒකට දායකත්වය දක්වන්න අපි ඕනෑම අවස්ථාව සූදානම් විශ්වාස කරනවා මේ පරීක්ෂණ හරහා ඒ ගමන වඩාත් තීව්‍රවෙලා අපේ බලාපොරොත්තු වෙන ඉලක්කය කරා යන්න පුළුවන් වෙයි කියලා.