රු.10,000 බඩු මල්ල සීමා කළේ ඇයි?

නිරෝධායන පවුල්වලට දෙන රු. 10,000 බඩු මල්ල සීමා කළේ ඇයි? විපක්ෂ නායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..

by Staff writer 25-08-2021 | 9:21 PM

COLOMBO (News 1st) - නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000 සහන මල්ල සීමාකොට තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමේ ආණ්ඩුවේ පිළිවෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කරන අතර ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින්නේ අවම සහන මල්ල පවා අත්හිටුවීම බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන් ය. ආහාර වියදම දරා ගැනීමේ ශක්තිය අතින් ලොව දුප්පත්ම රටවල් 5 අතරට වැටුණු ශ්‍රී ලංකාව වැටුපෙන් 66% ක් ආහාරවලට වැය කරන තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කරයි. මෙවන් ජනතාවකට කැපකිරීම් කරන්නැයි ආණ්ඩුව බල කරන්නේ සීනි සහ පොල්තෙල් වංචාවන් හරහා ගජ මිතුරන්ට සහන ලබා දුන් ආණ්ඩුවක් බව සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එක වේලක් හෝ කෑමට නොහැකි ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලීම සාහසික බව ද මෙම විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.