"මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට.."

තොරතුරු මැකී යාම සහ ඖෂධ ගනුදෙනු අතර සබඳතාවක් තිබේ ද? - පුබුදු ජයගොඩ

by Staff writer 25-08-2021 | 10:27 PM

COLOMBO (News 1st) - බෙහෙත් වට්ටෝරු, ඇණවුම්, ලියාපදිංචිය ආදී තොරතුරු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඩ් හෙවත් දත්ත අවකාශයේ ගබඩා කළ තොරතුරු මැකී යාම සහ ඖෂධ ගනුදෙනු අතර සබඳතාවක් තිබේ ද?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳව අදහස් පළ කළේ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්, පුබුදු ජයගොඩ මහතා,
2018 අවුරුද්දේ ඉඳලා ඖෂධ ලියාපදිංචිය සඳහා ඖෂධ සමාගම් ලියාපදිංචිය, ඖෂධ ලියාපදිංචිය සඳහාත්, ලියාපදිංචිය අලුත් කිරීම සඳහාත් අයැදුම්පත් ඔන්ලයින් තමයි ගෙනාවේ. මේ සියල්ල තිබුණේ රජයට අයත් දත්ත ගබඩාවේ තිබුණේ. ගවර්න්මන්ට් ක්ලවුඩ් එකේ මේ ටික තිබුණේ. එතකොට පහුගිය ජූලි මාසේ 9 වැනිදා වාර්තා වුණා. මේ ටික මැකිලා කියලා. රජයේ දත්ත පද්ධතිය දත්ත ගබඩාව ඒක පවත්වාගෙන යන්නෙ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින්. ඒක අධීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින්. එතකොට මේක ඇතුළට රිංගලා මේවා මකන්න පුළුවන් කාටද. එතකොට මේ දත්ත මැකීම පිටිපස්සේ නිශ්චිත වශයෙන්ම  ජාවාරම්කරුවෝ ඉන්නවා කියන එක පැහැදිලියි. මේ වගේ මුරපද පාස්වර්ඩ් තිබුණේ කවුරු අතේ ද? මොන ජාතික ආරක්ෂාවක්ද රජයේ හෙට ගබඩාවට ඇතුළු වෙලා දක්කනවා ජාවාරම්කාරයෝ. මනින ඕනෑම දත්ත ගබඩාවක මැකෙන දත්ත ලබා ගැනීමේ recovery systems තියෙනවා. අඩුම ගානේ එහෙම රිකවරි ක්‍රමයක් තිබුණෙ නැද්ද රජයේ දත්ත ගබඩාවේ. ඉතින්  මේවා හොඳයි ගිහින් කියන්න කොන්ඩේ බැඳපු චීන්නුන්ට. මේක ඉතාම පැහැදිලිව රජයේ බලධාරීනුත් ජාවාරම්කාරයෝ එක්ක එකට එකතු වෙලා නටන නාඩගමක් මේ