තවත් කොරෝනා මරණ 198ක් තහවුරු කෙරේ

තවත් කොරෝනා මරණ 198ක් තහවුරු කෙරේ

by Sagarika Chathumali 25-08-2021 | 9:17 PM

COLOMBO (News 1st) – මෙරටින් තවත් කොරෝනා මරණ 198 ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණ අතරින් 119 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 79 දෙනා කාන්තාවන් ය. මියගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු එක් ආසාදිතයෙකු ද වේ. මේ අතර මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 51 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 146 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය. අද (25) වාර්තා කරන ලද මෙම මරණ 198 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.