චීන හමුදාවෙන් Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 3ක්

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

by Staff writer 25-08-2021 | 10:02 AM

COLOMBO (NEWS1ST) : චීන මහජන විමුක්ති හමුදාව, ශ්‍රී ලංකා හමුදාව වෙත කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් තොගයක් පරිත්‍යාග කර තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම එන්නත් තොගය ලබන 28 වැනිදා මෙරටට ලැබීමට නියමිත බවයි. මෙලෙස චීන මහජන විමුක්ති හමුදාව මෙරට ආරක්ෂක අංශ වෙත ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 3 කි.