නිරෝධායන නීති කැඩූ 705 ක් පොලිස් දැලේ

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 705 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 25-08-2021 | 3:02 PM

COLOMBO (News 1st) -  නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 705 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ .

පොලීසිය සඳහන් කළේ, ඒ අනුව, මේ වනවිට පුද්ගලයින් 57,435 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය. මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13කදී ඊයේ(24) දිනය තුළ , බස්නාහිර පළතෙන් පිටවන පුද්ගලයින් 735 දෙනෙකු පරික්ෂා කර තිබේ පොලීසිය සඳහන් කළේ , බස්නාහිර පළාතෙන් පිටවන වාහන 458ක් ද එම මාර්ග බාධකවලදී පරික්ෂාවට ලක්කර ඇති බවය. අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1,072 දෙනෙකු පරික්ෂා කර ඇති අතර, පරික්ෂාවට ලක්කර ඇති වාහන සංඛ්‍යාව 570කි.