යුක්‍රේන ගුවන් යානයක් පැහැර ගත්තා ද?

යුක්‍රේන යානයක් පැහැරගත් බවට වන වාර්තාවල ඇත්ත නැත්ත

by Staff writer 24-08-2021 | 9:39 PM

COLOMBO (NEWS1ST) :  සිය වැසියන් රැගෙන යාම සඳහා ඇෆ්ගනිස්ථානය වෙත පැමිණි යුක්‍රේන ගුවන් යානයක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය අනාවරණ කළේ, යානය ඉරානය වෙත පියාසර කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. පසුගිය ඉරිදා මෙම යුක්‍රේන මගී ගුවන් යානය ඇෆ්ගනිස්ථානයට පැමිණ ඇති අතර, අද දිනයේ යානය පැහැර ගැනීමට ලක්ව ඇතැයි, යුක්‍රේන අමාත්‍යවරයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේදී සිය ගුවන් යානා පැහැරගත් බවට පළවන වාර්තා යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි. මීට පෙර විදෙස් වාර්තා අනාවරණය කළේ, කිසියම් කණ්ඩායමක් කාබුල් නුවරදී ගුවන් යානායක් පැහැරගෙන ඉරානයට පියාසර කර ඇති බවටයි. කෙසේ වෙතත්, යුක්‍රේන මෙන්ම ඉරාන බලධාරීන් ද, මෙම වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.