ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පරිත්‍යාගය..

මන්ත්‍රී වැටුප රුපියල් 54,385යි, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ලක්ෂය බැගින් කොව්ඩ් අරමුදලට දෙනවා - හිටපු ජනපති මෛත්‍රීපාල

by Staff writer 24-08-2021 | 10:46 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජූලි මාසයේ වැටුප කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පරිත්‍යාග කිරීමට අදාළ චෙක්පත පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (24) භාරදෙනු ලැබිණි.

ඒ, එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
ඔබ කවුරුත් දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් 54,385ක් වගේ. නමුත් අපගේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කරලා ලක්ෂය බැගින් අද පරිත්‍යාග කළා. ග්‍රාමීය රෝහල්වල අඩුපාඩුකම් තියෙන ප්‍රදේශවලට අපි ඒ තියෙන අඩුපාඩු සොයලා බලලා අපිට මේ එකතු වෙන මුදලින් කරන්න පුළුවන් උපකරණ ලබාදීම වැනි කාර්යයන් ඉෂ්ට කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි තීරණය කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය නිමිති කරගෙන සතියක් පක්ෂය අපි ප්‍රකාශයට පත් කළා රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ ව්‍යාපාරයක්. මේ තිබෙන භයානක අවස්ථාවේ අපේ වගකීම සහ යුතුකම වෙන්නේ. මිනිසුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද ඒ කාර්යය අපි ඉෂ්ට කිරීමයි. මම මේ අවස්ථාවේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මැති ඇමතිවරුන්ට පෞද්ගලිකවත් පක්ෂ ඒ වෙනුවෙනුතුත්, ස්තුතිය හා ගෞරවය පිරිනමනවා .