.webp)
රජයේ සේවක වැටුප රුපියල් බිලියන අටසීයයි. එතකොට සේවකයින්ගේ පඩි බාගයක් කප්පාදුවක් සිදු කරලා බලාපොරොත්තු වෙන්නේ බිලියන 400 ක් ඉතුරු කරන්න. එතකොට මේ රටේ රාජ්‍ය සේවකයින් දාහතර ලක්ෂයකගෙන් පඩි භාගයක් ලබාදීලා බිලියන 400 ක් ඉතුරු කරගන්න හිතන ආණ්ඩුව බිලියන 523 ක බදු සහනයක් ධන කුවේරයින් ඇතුළු පිරිස්වලට ලබා දීලා තිබෙනවා. මේක ඉස්සරහ තවදුරටත් රතු සාටක ඇඳගෙන ඇමතිකම් කරන්න පුළුවන් වාමාංශිකයින් ඉන්නවාද කියන එක අද අපිට ප්‍රශ්නයක්. මතක තියාගන්න යහපාලනය කාලයේ 2019 ට ම සල්ලි අච්චු ගැහුෙව් රුපියල් බිලියන 29යි. මේගොල්ලෝ දහසකට අධික ප්‍රමාණයක් මේ පළමු මාස 14 මුද්‍රණය කරලා තියනවා. එතකොට ඒ මගින් මොකද සිද්ධ වුණේ. භාණ්ඩ හා සේවා මිලදී ගන්න අර රජයේ සේවකයාගේ පඩි පතට තිබිච්ච හැකියාව නැතිවෙලා ගියා. දරුවා කිරි ඉල්ලා අඬන කොට දෙමව්පියන්ට කට උත්තර නැහැ. බැංකුවලින් ණය ඉල්ලනකොට දෙමව්පියන්ට කට උත්තර නැහැ. හාල් ගන්න තැනක් නැහැ. කිරිපිටි ගන්න තැනක් නැහැ. ඖෂධ හිඟයි. මේ හැම පැත්තකින්ම අපේ ජනතාව බැට කන තත්ත්වයට පත් වෙලා තිබෙනවා.