අද (24) දිනයේ කොරෝනා ආසාදිතයින් 4,446 ක්

අද (24) දිනයේ කොරෝනා ආසාදිතයින් 4,446 ක් හඳුනා ගනී

by Staff writer 24-08-2021 | 11:00 PM

COLOMBO (NEWS1ST) : අද (24) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,446 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් අතරිනි. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 398,881 ක් දක්වා ඉහළ යනු ඇති. මේ අතර අද දිනයේ තවත් කොරෝනා මරණ 190 ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛයාව 7750 ක් දක්වා ඉහළ ගියේ ය.