COLOMBO (NEWS1ST) : තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බවයි.
''මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නැහැ. මොක ද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුව තුළ, ඒ බැංකුවෙන් ගත්ත ලෝන් එකට මගේ වැටුප සම්පූර්ණයෙන්ම ලෝන් එකට සඳහා ම තමයි වෙන් වෙලා තියෙන්නෙ''
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, තවද තමාට ඇති ආර්ථික ශක්තිය අනුව එවැනි දෙයක් ක්‍රියාත්මක කිරීම අපහසු බවයි.
කෙසේ වෙතත් සිය හිතවතුන් කිහිප දෙනෙකු මාර්යෙන් තම වැටප මෙන් දස ගුණයක මුදලක් ලබාදීමට මේ වන විටත් කටයුතු කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
''ඉතින් එවැනි අවස්ථාවකදී මට තියෙන ආර්ථික හයියත් එක්ක කොහෙත්ම එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්නට අපහසු තාවයක් තියෙනව. වැදගත් වූ මගේ හිතවත්තු කිහිප පොළක් ඉන්නවා. ඒ හිතවතුන්ගේ මාර්ගයෙන් අපේ වැටුප වගේ දස ගුණයක මුදලක් ලබාදීමට මම මේ වන විටත් ඒ අවශ්‍ය කරන කටයුතු දැනටත් සූදානම් කරගෙන යනවා''
මේ අතර අමාත්‍ය මණ්ඩලය අද (23) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මසක වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් බැර කිරීමට තීරණය කළේ ය.
මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, අද කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ඉදිරිපත්වූ යෝජනාවකට අනුව මේ මාසයේ වැටුප කොවිඩ් අරමුදලට බැර කිරීමට අමාත්‍යවරුන් එකඟතාව පළ කළ බවයි.
අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගේ වැටුප ද හෙට දිනයේ කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරිමට තීරණය කර ඇති බවයි.