කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්..

පෙබරවාරි 01 වැනිදායින් පසු කොළඹ කොටස් වෙළෙදපොළේ දෛනික ඉහළම පිරිවැටුම අද වාර්තා වෙයි..

by Staff writer 23-08-2021 | 9:54 PM

COLOMBO (News 1st) - පෙබරවාරි 01 වැනිදායින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ඉහළම පිරිවැටුම අද (23) වාර්තා විය.

අද දිනයේ දෛනික පිරිවැටුමේ අගය සටහන් වුයේ, රුපියල් බිලියන 10.8ක් ලෙසය. අද දිනයේ වැඩිම ගනුදෙනු ප්‍රමාණයක් සිදු කළේ, බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් සහ එක්ස්පෝ ලංකා හෝල්ඩින් යන සමාගම් ය. ෆස්ට් කැපිටල් ආයතනයේ පර්යේෂණ ප්‍රධානී, ඩිමන්ත මැතිව් මහතා,
අද දවසේ සියලු කොටස් මිල දර්ශකය 239 ක අගයකින් ඉහළ ගියා. මෑත කාලයේ මෙහෙම වෙනසක් අප ගොඩාක් කාලෙකින්. අද දවස ඇතුළත මෙම අගය ඉහළට යන ස්වරූපයක් පෙන්නුම් කළා. ඒ ප්‍රධාන වශයෙන් සිදු වුණේ සිල්ලර අංශයේයි. අද දින පිරිවැටුම රුපියල් බිලියන 10 ඉක්මවා ගියා. එය බිලියන 10.8 ක්. 2021 පෙබරවාරි 1 වැනි දායින් පසුව අපි දැකපු ඉහළම අගය. මේක සිද්ධ වුණේ මාස 7 කින්. ඒ වගේම අපි වෙළෙඳපොළේ ගණුදෙණු රාශියක් සිද්ධ විය. 64,720 ක කොටස් ගණුදෙණු ප්‍රමාණයක් අද සිද්ධ වුණා. වෙනදාට දකිනවාට වඩා තුන්ගුණයකින් ඉහළ යාමක්.