නිරෝධායන නීති කැඩූ 502ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කළ 502 ක් අත්අඩංගුවට

by Staff writer 23-08-2021 | 2:17 PM

COLOMBO (News 1st ) - නීරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 502ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ(22) උදෑසන 6.00 සිට අද(23) උදෑසන 6.00 දක්වා ගතවූ පැය 24 තුළ අදාල පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. බස්නාහිර පළාතට වෙනත් පළාත් වලින් ඇතුළුවන සහ පිටවන, වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා මාර්ග බාධක 13ක් ස්ථාපිත කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.