රටට ආදර්ශයක් වූ ස්වාමීන් වහන්සේනමක්..

කාබනික පොහොර වගාවෙන්, රටට ආදර්ශයක් වූ ස්වාමීන් වහන්සේනමක්..

by Staff writer 23-08-2021 | 10:37 PM

COLOMBO (News 1st) - දේශීයත්වය ගැන බොහෝ දෙනෙක් නොයෙක් අදහස් පළ කළත්, දේශීයත්වයම මග හැරුණු තැන් එමටයි.

දේශීය වගාව කියන්නෙත් අපෙන් යම් ප්‍රමාණයකට මග හැරෙමින් පවතින දෙයකි. එවන් වකවානුවක, දේශීය බීජවලට යළි පණ දෙන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේනමක් ගැනයි මේ කතාව. ගිගිරිපුදාම ගම්මානය පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. මෙම ගම්මානයේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ අතිදුෂ්කර තැනක. එක් ස්වාමීන් වහන්සේ නමක් වැඩවාසය කරන්නෙත් අනේක විඳ බාධා මැද ය. උන්වහන්සේ පන්සල් ගෙවත්ත පාවිච්චි කරමින් විශාල වගාවක් සිදු කර ඇත්තේ දේශීය බීජ යොදා ගනිමිනි. කාබනික පොහොර යොදා ගනිමින් දේශීය බෝග වර්ග රැසක් වගා කර ඇති අතර එයින් ලබා ගත් අස්වනු ද ගබඩා කර ඇත්තේ මතු ප්‍රයෝජනය සඳහායි. ගිගිරිපුදාම අභිනවාරාමයේ පූජ්‍ය වැවත්නනේ සුමංගල හිමි
ඉතිහාසයේ අපේ අටුකොටු පුරවාගෙන අපි ජීවත් වුණු රටාවක් අපි ළඟ තිබුණා. අපේ අම්මා තාත්තා මුතුන් මිත්තන් කිසි දවසක වේලක් බඩගිනි හිටියේ නෑ.
දේශීය බෝග වගාව ගැන උනන්දුවන ඕනෑම අයෙකුට ඒ දැනුම මෙන්ම බීජත් දෙන්න මේ ස්වාමීන් වහන්සේ සූදානම් ය. ගිගිරිපුදාම අභිනවාරාමයේ පූජ්‍ය වැවත්නනේ සුමංගල හිමි,
පැරණි මුතුන්මිත්තන්ගේන ඇදී ආව අපේ බීජ ටික මේ. අද ලංකාවෙන් තුරන් නොවී තයන්න නොදීම තමයි අපේ පරමාර්ථය වෙන්නේ