අනියම් පෙමක් බිළිගත් ජීවිතය..

අනියම් පෙමක් ඝාතනයකින් කෙළවර වෙයි..

by Staff writer 23-08-2021 | 3:07 PM

COLOMBO (News 1 st ) - ඌවපරණගම, අඹගස්දෝව, මැදහින්න ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර වල දැමීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ

පොලීසිය සඳහන් කළේ කොඩකුඹුර, කන්දෙඇල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය. සැකකරු සහ අදාළ කාන්තාව අතර පැවැති අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. පසුගිය 16 වැනිදා අලුයම් කාලයේදී එම ඝාතනය සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, මෘත ශරීරය වල දමා ඇති ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි.