කොවිඩ් මරණ 194 ක්, මියගිය පිරිසෙන් 145 දෙනෙක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්…

කොවිඩ් මරණ 194 ක්, මියගිය පිරිසෙන් 145 දෙනෙක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්…

කොවිඩ් මරණ 194 ක්, මියගිය පිරිසෙන් 145 දෙනෙක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්…

කර්තෘ Sagarika Chathumali

23 Aug, 2021 | 8:14 pm

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 103 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 91 දෙනා පිරිමි පුද්ගලයින් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 49 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 145 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (23) වාර්තා කරන ලද මෙම මරණ 194 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]