COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 183 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබ තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,366 ක් දක්වා ඉහළ යනු ඇති.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 107 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 76 දෙනා කාන්තාවන් ය.
අද දිනයේ වර්තා වූ කොවිඩ් මරණ අතර වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන් දෙදෙනකු ද වේ.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 45 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 136 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (22) වාර්තා කරන ලද මෙම මරණ 183 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
