ඊශ්‍රායලයේ දෛනික ආසාදිතයින් 7000ක්

ලොව ඉහළම එන්නත්කරණ වාර්තාව හිමි ඊශ්‍රායලයෙත් දිනකට කොවිඩ් ආසාදිතයින් 7000ක්

by Staff writer 22-08-2021 | 9:13 PM

News 1st - කොවිඩ් 19 වසංගතයට එරෙහි ලොව ඉහළම එන්නත්කරණ වාර්තාව හිමිකරගෙන ඇත්තේ ඊශ්‍රායලයයි.

නමුත් ලෝකයේ මේ වනවිට ජගහනයට සාපේක්ෂව ඉහළම කොවිඩ් ආසාදිතයින් අනුපාතයක් වර්තාවෙන්නේ ද ඊශ්‍රායලයෙනි. ඒ දිනකට නව ආසාදිතයින් 7000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරමිනි. එරට වයස අවුරුදු 12 වැඩි පුරවැසියන්ගෙන් 78% ක ප්‍රමාණයක් මේ වනවිට එන්නත්කරණය අවසන් කර ඇත. එරටින් වාර්තාවන කොරෝනා රෝගීන්ගෙන් අඩක් එන්නත් ලබාගත් අය වීම විශේෂත්වයකි. ඊශ්‍රායලයේ මතුව ඇති මෙම තත්ත්වය හමුවේ ඩෙල්ඩා ප්‍රභේදයේ අසාමාන්‍ය පැතිරීම සිදුවෙමින් ඇති තත්ත්වයක් තුළ කොවිඩ් මර්දනය සඳහා දිගුකාලීන උපාය මාර්ගික සැලසුම් සහ කළමනාකරණය කෙරෙහි අවධානය යොමු විය යුතු නොවේ ද?