රුපියල් 2,000 දීමනාව ලැබෙන්නේ කාට ද?

රුපියල් 2,000 දීමනාව ලැබෙන්නේ කාට ද?

by Staff writer 22-08-2021 | 10:51 PM

COLOMBO (NEWS1ST) : කොරෝනා ව්‍යප්තියත් සමග රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රුපියල් 2,000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේ, රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී, ජීවනෝපාය අහිමි වූ පවුල් පමණක් ඒ සඳහා තෝරාගත් බවයි. ඒ අනුව රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි , සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බව ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහන් කළේ ය. ප්‍රතිලාභ ගෙවීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් ලබාදී තිබේ.