.webp)
මිත්‍යාවන් පිටිපස්සේ ගිහිල්ලා මේකට උත්තරයක් ගන්න බැහැ අපිට. පැණි බීලා මේකට උත්තර හම්බ වෙන්නේ නැහැ. මුට්ටි ගංගාවල නෙමෙයි බෝක්කු ගානේ දැම්මත් මේකට උත්තර හම්බ වෙන්නේ නැහැ. උත්තරේ තියෙන්නෙ විද්‍යාවේ. එක්කෝ එන්නත. එක්කෝ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය. වෛද්‍ය ක්‍රම සෞඛ්‍ය ක්‍රම ඇතුළු විතරයි මේකට පිළිතුරක් තියෙන්නේ. ඒ නිසා මේ කාලේ අපි පළමුවෙන් ම කැප කරන්න ඕන, ජාතියේ නිරෝගීභාවය වෙනුවෙන්. වසංගත මාරයාට එරෙහිව. දෙවැනි කැපකිරීම් අපි කරන්න ඕන දරුවන්ගේ අධ්‍යාපනයට. මේක තමයි උතුම්ම කැපකිරීම් දෙක මේ යුගයේ දී අපට කරන්න පුළුවන්.