"ජාතික වගකීම අංක 01ට ගෙන කටයුතු කරන්න"

නිරෝධායන ඇඳීරි නීතිය පැනවීමට ජනපති ගත් තීරණයට මල්වතු හා අස්ගිරි නා හිමිවරුන්ගේ ප්‍රශංසාව

by Staff writer 22-08-2021 | 8:17 PM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳීරි නීතිය පැනවීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි අනුනාහිමිවරුන් අද (22) ප්‍රශංසාව පළ කර තිබේ.‍

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි,
අපේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේලා දෙනම ඇතුළු බොහෝ ස්වාමීන්වහන්සේ බොහෝ පක්ෂත් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියා ඇඳිරි නීතිය ලංකාවේ පනවන්න කියලා. ගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කළ කතාවේදී එතුමා මතක් කළා බොහොම හොඳින් මේ කොච්චරවත් රටට ආර්ථික පාඩු වෙනවා. නමුත් කරන්න දෙයක් නෑ. ජීවිත බේරා ගන්න ඕන. ඒ නිසා මම මේ ඇඳිරි නීතිය පවත්වනවා කියලා ජාතිය අමතමින් එතුමා ප්‍රකාශ කළා. ඒක බොහෝම වටිනා දෙයක්. ඒක නිසා ඒකෙන් අපි සියලුම ජනතාව ප්‍රයෝජන ගන්න ඕනේ. මේ ලංකා ධරණි තලයේ මේ කොරෝනා වසංගතය දුරින් දුර හරින්න අපි ඔක්කොටම හැකි වේවායි කියලා මා ආශිර්වාද කරනවා.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමි,
මේ අවස්ථාවේ කටයුතු කළ යුත්තේ ජාතික වගකීම කියන එක අංක 01ටත් දේශපාලන කටයුතු ඒ වගේම සෙසු අනෙකුත් කටයුතු දෙවැනි තැනට යොදා ගෙනයි. මේ එළැඹ තිබෙන්නේ විරෝධතා පවත්වන්න අවස්ථාව නෙවෙයි. යම් හෙයකින් අපේ රට ආර්ථියෙන් වැටුණත් ආර්ථික අර්බුදයකට ඇදි ගියොත් මේ කොවිඩ් වසංගතය වැළැක්වීම පවා ඇතැම් විට අසිරු වෙන්නට ඉඩ තිබෙනවා. අවාසනාව එවැනි සාමුහික ක්‍රියාවක සැබෑ උවමනාව බොහෝ දෙනාට අද නැති එකයි. ඒ නිසා මේ මොහොතේ අපි කවුරුත් දුරදර්ශිව බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණය අපි මේ වෙලාවේ ඉතා කරුණාවෙන් සිහිපත් කරන්න කැමතියි.