අද (22) කොරෝනා ආසාදිතයින් 4,000 ඉක්මවයි

අද (22) දිනයේ කොරෝනා ආසාදිතයින් 4,000 ඉක්මවයි

by Staff writer 22-08-2021 | 10:42 PM

COLOMBO (NEWS1ST) : අද (22) දිනයේ මේ දක්වා කොරෝනා අසාදිතයින් 4,282 දෙනෙකු   හඳුනාගෙන තිබේ.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 390,000 ක් දක්වා ඉහළ ගියේ ය. මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 40,475 කි. මේ අතර තවත් කොරෝනා මරණ 183 ක් අද (22) වාර්තා කර වාර්තා කර තිබේ. එම මරණ අගෝස්තු 21 වැනිදා එනම් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ මරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය. මියගිය පුද්ගලයින් අතර අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 136 දෙනෙක් වෙති. අවුරුදු 30 අඩු කාන්තාවන් දෙදෙනෙක් ද මියගිය පුද්ගලයින් අතර සිටිති. ඒ සමග මෙරට කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 7366 ක් දක්වා ඉහළ ගියේ ය.