මෙරට කොවිඩ් මරණ ගණන 7000 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 7,000 ඉක්මවයි

by Staff writer 21-08-2021 | 9:15 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඒ අනුව, මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 7,183 ක් දක්වා ඉහළ ගියේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 117 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 81 දෙනා කාන්තාවන් ය. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 44 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 154 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය. අද (21) වාර්තා කරන ලද මෙම මරණ 198 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.