COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් රටට අනාවරණ කරන්නැයි ඉල්ලා ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව නම් කළ නිහඬ විරෝධය අද(21) පළ කෙරිණි.
එය නම් කර තිබුණේ “නිහඬ කළු විරෝධතා දිනය” ලෙසයි.
පෙරවරු 8.45 සීනු නාද කර, කොළඹ අගරදගුරු හිමිපානන්ගේ නිල නිවසේ ප්‍රධාන දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් ආරම්භ වුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
ඉන්දියන් රහස් ඔත්තු සේවයෙන් ලබා දුන්නු ඒ අවවාදය හතර පාරක් බලධාරීන් දැනුවත් කළා. ඒ වගේම වනාතවිල්ලුවේ ලැක්ටෝ වත්ත, මාවනැල්ලේ බුදු පිළිම මේ සියල්ලෙන් එදා කරුණු පැහැදිලි කරල දුන්නා හරි භයානක දෙයක් සිද්ධ වෙන්නෙ යනවා කියලා .නමුත් බලධාරීන් ආත්මාර්ථකාමී හිතුවක්කාරකම්වල හිරවුණා බලධාරීන් එය යට ගැහුවා. මිනිස්සුන්ට මැරෙන්න ඉඩ හැරියා. දෙවියන් වහන්සේ මිනිස්සුන්ව ගලව ගත්තෙ නැහැ නෙමෙයි දෙවියන් වහන්සේට පිටුපාලා නීතියට පිටුපාලා බලයට එන්න ආසාවට හිතුවක්කාර විදිහට ඒ සලකුණු මග හැරියා. ඒ වෙලාවේදී රටේ බලධාරියා, අදාළ පුද්ගලයන්ව නීතිය හමුවට ගෙන එන එකට හරස් කැපුවා. තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා කළා. දෙවියන් වහන්සේ හෙළිදරව් කරන්න කටයුතු කළාට මනුස්සයා ඒක ගණන් ගත්තෙ නැහැ. මිනිස්සු ඒකෙ යට ගහලා, අත හෝදගන්න, දන්නෙ නෑ වගේ ඉන්නවා. දෙවියන්වහන්සේ ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා. දැනුත් දෙවියන් වහන්සේ විවිධ ආකාරයෙන් මේ මහා කුමන්ත්‍රණය පිටුපස්සේ වෙනත් කණ්ඩායම් සිටි බවට හෙළිදරව් කරමින් සිටිනවා. ඒ යට ගහන්න යටගහන්න උත්සහ කරනවා බලවතුන්. නමුත් එය යට යටගහන්න හම්බ වෙන්නේ නැහැ. එම නිසා මෙම සම්පූර්ණ සත්‍යය දෙවියන් වහන්සේට ලෝකයට හෙළි කිරීමට අපි සහයෝගය දෙන්නට ඕනේ. අපි පිට කොන්ද කෙළින් තියාගෙන කරන දේශනාවලදී, කතාවලදි අපි අපේ ජනතාවගෙ පැත්තෙ ඉන්න ඕනේ. දේව වරප්‍රසාදයට මනුෂ්‍ය සහයෝගය අවශ්‍යයි. මේ පාස්කු ප්‍රහාරය පිටුපස්සේ මහා කුමන්ත්‍රණයක් ඇති බව ප්‍රකාශ වෙලා තියෙනවා. එහෙම නම් ඒ කුමන්ත්‍රණය හෙළිදරව් කරන්න කියලා දෙවියන් වහන්සේට කන්නලව් කරනවා මේ අවස්ථාවේදී. ඔබ වහන්සේ මීට පෙර කලිනුත් ලංකා ඉතිහාසය තුළ අපරාධ කරපු පුද්ගලයින්ට දඬුවම් කළා. මේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුද කියලා ඔබ වහන්සේම පෙන්වන්න ස්වාමීනි. මේ ක්‍රියාවලිය යටපත් කිරීමට කවුරුහරි උත්සහ කරනවා නම් ඔවුන්ව බොඳ කරල දාන්න ස්වාමීනි.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පියතුමාගේ දැඩි අවධානය යොමුවී ඇතැයි වතිකානයේ සිටින ගුරු නෙවිල් ජෝ පෙරේරා පියතුමා ප්‍රකාශ කළේ ය.
ගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමා වතිකානයේ සිට,
අපි ලංකාවේ සියලුම තත්ත්වය වතිකානයට දැනුම් දී හමාරයි. ශුද්ධෝත්තම පාප් වහන්සේ ඒ වගේම වතිකානයේ මහලේකම් කාදිනල් කරෝලින් වගේම, තව අපේ වතිකානුවේ තියෙන සාමය හා අසාධාරණය පිළිබඳ ඒ අමාත්‍යාංශයේ කාදිනල් ටක්සන් මේ සියලු දෙනාට ලංකාවේ තත්ත්වේ ගැන දැනුම් දීලා තියෙන්නේ. ළඟදීම වතිකානෙන් පිළිතුරු ලැබේවි.