නිරෝධායන ඇඳිරි නීතිය:නව මාර්ගෝපදේශ

නිරෝධායන ඇඳිරි නීතිය කාලයට නව මාර්ගෝපදේශ මාලාවක්..

by Staff writer 21-08-2021 | 5:34 PM

COLOMBO (News 1st) –  නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ .

ඒ, නිවේදනයක් නිකුත් කරමින් ය. ඒ අනුව, අගෝස්තු මස 30 වැනිදා අලුයම 4.00 දක්වා කාල සීමාව තුළ, ?නිශ්චිත කාර්යයක් සඳහා එක් වරකට පවුලේ එක් සාමාජිකයෙකුට පමණක් නිවසින් පිටතට යා හැකි ය. ?වයස අවුරුදු 65 ට වැඩි නිධන්ගත රෝගවලින් පීඩා විදින පුද්ගලයින් වැනි දැඩි අවදානම් අය සෞඛ්‍යමය හේතු මත හැර කිසිදු අවස්ථාවක නිවසින් පිටතට නොයා යුතුයි. ?කිසිදු කරුණකට අදාළව පෞද්ගලික ඒකරාශීවීම් සිදු නොකළ යුතුයි. ?ඉදිකිරීම් කර්මාන්තය ඇතුළුව දෛනික වැටුප් ලබන කම්කරුවන්ට දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව සේවයේ නිරතවීමට අවසර. ?ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ , ජංගම බෙදා හැරීම්, රෝගීන් රැගෙනයාම, අත්‍යවශ්‍ය සේවා හා අනෙකුත් අනුමත කටයුතු සඳහා පමණයි. ?සීමීත මුදල් ගනුදෙනු සඳහා පමණක් බැංකු කටයුතු ක්‍රියාත්මක අතර වඩාත් දිරි ගන්වන්නේ Online මගින් කරන ගනුදෙනුයි. ?ග්‍රොසරි සහ සුපිරි වෙළෙඳ සංකීර්ණවලට Online මගින් ඇණවුම් ලබාගෙන ජංගම රථ මගින් බෙදා හැරීමට අවසර. ?අත්‍යවශ්‍ය වෙළෙඳසැල් විවෘත කිරීම පිළිබඳව තීරණය ගැනීමේ බලය දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුවට. ?බේකරි නිෂ්පාදන ජංගම රථ මගින් බෙදාහැරීමට පමණක් අවසර ලැබෙන අතර අලෙවි සැල් විවෘත කළ නොහැකියි. ?ජලය, විදුලිය, ඉන්ධන හා ගෑස් පිරවුම්හල් මෙන්ම මෝටර් ගරාජ් සහ ටයර් සේවා ස්ථාන අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදාගෙන හදිසි බිදවැටීම්වලදී සේවය ලබා දීමට අවසර. ?දිස්ත්‍රික් සීමා උල්ලංඝණය නොකර දැඩි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ කෘෂිකාර්මික, සත්ව පාලන හා ධීවර කටයුතුවල නිරතවීමට අවසර. ?කොවිඩ් නොවන අවමංගල්‍යයකදී පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතු අතර සහභාගි විය හැක්කේ පවුලේ සාමාජිකයින්ට පමණයි. ?රෝහල්වල සාමාන්‍ය සායන කටයුතු නොපැවැත්වෙන අතර ලියාපදංචි රෝගීන්ට ඖෂධ නිවෙස්වලට ලබාදෙනු ඇති. ?පෞද්ගලික හා රජයේ ඖෂධ අලෙවි සැල් විවෘත කර තැබීමට අවසර. ?මීට අමතරව ග්‍රාම නිලධාරීන් සහ සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ට ද ඔවුන්ගේ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යා හැකියි. ?අධිකරණ සේවා කොමිසමේ තීරණ අනුව හදිසි සහ අත්‍යවශ්‍ය කටයුතු සදහා අධිකරණ සේවා පවත්වාගෙන යාම. ?අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයක් යොදාගෙන පළාත් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල කටයුතු පවත්වාගෙන යාම. ?ආනයන , අපනයන කර්මාන්ත හා දේශීය නිෂ්පාදන කර්මාණ්ත අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩල යොදාගෙන පවත්වාගෙන යාම. ?කෘෂිකර්මාන්තයට සම්බන්ධ කර්මාන්තවල සේවකයින්ට හා හිමිකරුවන්ට දිස්ත්‍රික් සීමා හරහා ගමන් කළ හැකියි. ?රජයේ සහ පෞද්ගලික ආයතනවල වැටුප් සකස් කිරීමට අදාළ නිලධාරීන් ආයතන ප්‍රධානියාගේ ලිපියක් සමග සේවයට කැඳවිය හැකියි.