ජීවිතය වගේම ජීවන උපායත් වැදගත්..

ජීවිතය වගේම ජීවන උපායත් වැදගත්.. - අජිත් නිවාඩ් කබ්රාල්

by Staff writer 21-08-2021 | 10:36 PM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව රජයේ මැති-ඇමතිවරු විවිධ අදහස් පළ කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
මේ වගේ තත්ත්වයක් ඇති වුණාම රටේ වර්ධන වේගය, වර්ධනයට, රටේ දල දේශීය නිෂ්පාදිතයට යම් බලපෑමක් එල්ල වෙනවා. රටේ දල දේශීය නිෂ්පාදිතය අඩු වෙනවා. දිනකට රුපියල් බිලියන 15ක පමණ අඩු වීමක් සිදුවෙනවා. ඒකෙන් දැවැන්ත පීඩාවක් අපේ සංඛ්‍යාවලට ලැබෙනවා. එහෙම සිදු වුණාම අපේ සාර්ව ආර්ථික සාධක සෑහෙන ප්‍රමාණයකට අඩු වෙනවා. එහෙම දුර්වල වෙනකොට ඒවායේ ප්‍රතිවිපාක තිබෙනවා. වැසීම හරහා ඇතිවන පාඩුව අවම කර ගැනීමට නම් අපි පුළුවන් තරම් ඉක්මණින් රට යථා තත්ත්වයකට ගෙන එන්න ඕනේ. අපි දන්නවා ජීවිතය ඉතාමත්ව වැදගත්, ඒත් එක්කම ජීවන උපායත් වැදගත්. තීරණ ගනිද්දී ඒ තීරණවලට වඩාත්ම දායකත්වය ලබා දෙන්නේ මාසේ පඩිය ගන්න අය. අපි වගේ. එතකොට අපිට ඒ දුක සමහරවිට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ලොක්ඩවුන්ස්, මේ අගුලුදැමීම්, කෙටි කරන්නට ඕනේ, නැත්නම් දෙපැත්තක කරුණු රාශියක පළ විදින්නට වෙනවා.
ජීවනෝපාය අහිමිවන පවුලකට රුපියල් 2000 ක දීමනාවක් ලබා දීමට රජය මේ වනවිට තීරණය කර තිබේ. සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවේ, දීමනාව ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, දිලුම් අමුණුගම මහතා,
උපරිම ගියොත් 14 ක් සඳහා තමයි ඒ 2000 ක දීමනාවක් 5000 දීමනාව ලැබුණු අයට ලබලා දෙන්න තීන්දු කරලා තියෙන්නෙ. මොකද මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් 5000ත් මදී 2000 ත් මදි නමුත් කීයක් හරි එපැයි. දිගින් දිගටම රට වහන්න ගියොත් ඉතාම පැහැදිලිව තියෙන තැනින් අරං නැති තැනට දෙන්න වෙනවා.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
මගේ වැටුප මම පරිත්‍යාග කරා. ආදායම් මාර්ග අහිමි වෙලා ඉන්න අන්ත අසරණ පවුල්වලට ජීවත්විම සඳහා කිසියම් සහන වැඩපිළිවෙළක් සකස් කරන්න නම් එවැනි දායකත්වයක් ලබා දිය යුතු වනවා. මොකද රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් තුළ
ජල සම්පාදන අමාත්‍ය, වාසුදේව නානායක්කාර මහතා,
මගේ අදහස මන්ත්‍රීවරු හා මහජන නියෝජිතයෝ පමණක් නෙවෙයි මේ රටේ හැමෝම සල්ලි තියෙන උදවිය තමන්ගේ ආදායමෙන් හෝ තමන් සතු ධනයෙන් භාගයක් දෙන්න ඕනේ.