“පාස්කු ප්‍රහාරයට සම්බන්ධඅයට තදින් කටයුතු කරනවා”

කළු කොඩි එල්ලුවත් නැතත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ජනාධිපතිතුමා ඉතා තදින් කටයුතු කරනවා - එස්.එම්. චන්ද්‍රසේන

by Staff writer 21-08-2021 | 11:33 PM

COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් රටට අනාවරණ කරන්නැයි ඉල්ලා ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව නම් කළ “නිහඬ කළු විරෝධතා දිනය” පිළිබඳව ඉඩම් රාජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අදහස් පළ කළේ ය.

ඉඩම් අමාත්‍ය, එස්.එම්. චන්ද්‍රසේන මහතා,
රජයක් හැටියට ජනාධිපතිතුමා ආරක්ෂක අංශවලට උපදෙස් දිලා තියෙනවා නිවැරදිව වැරදිකරුවන් හොයන්න කියලා. දෙතුන් සීයයක් රිමාන්ඩ් කරලා තියෙනවා නඩු දලා තියෙනවා. හිටපු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙන් රිමාන්ඩ් කරලා තියෙනවා. නඩු අහාලා ඉවර වෙනකම් ඇප දෙන්න එපා කියලා ඉදිරියටත් මේ වගේ දෙවල් වෙයි. ඒ ටික කෙරෙනකම්, හදිසියක් තියෙනවා සමහර අයට ඒක හොඳ හදිසියක් නෙවෙයි, ඒ නිසා කළු කොඩි එල්ලුවත් නැතත් විරෝධතා කලත් නැතත්, රජයක් හැටියට ජනාධිපතිතුමා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අයට ඉතාම තදින් කටයුතු කරනවා කියලා කියන්න කැමති