නිරෝධායන ඇඳිරි නීතිය කාලයට නව මාර්ගෝපදේශ මාලාවක්..

නිරෝධායන ඇඳිරි නීතිය කාලයට නව මාර්ගෝපදේශ මාලාවක්..

නිරෝධායන ඇඳිරි නීතිය කාලයට නව මාර්ගෝපදේශ මාලාවක්..

කර්තෘ Staff writer

21 Aug, 2021 | 5:34 pm

COLOMBO (News 1st) –  නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ .

ඒ, නිවේදනයක් නිකුත් කරමින් ය.

ඒ අනුව, අගෝස්තු මස 30 වැනිදා අලුයම 4.00 දක්වා කාල සීමාව තුළ,

📌නිශ්චිත කාර්යයක් සඳහා එක් වරකට පවුලේ එක් සාමාජිකයෙකුට පමණක් නිවසින් පිටතට යා හැකි ය.

📌වයස අවුරුදු 65 ට වැඩි නිධන්ගත රෝගවලින් පීඩා විදින පුද්ගලයින් වැනි දැඩි අවදානම් අය සෞඛ්‍යමය හේතු මත හැර කිසිදු අවස්ථාවක නිවසින් පිටතට නොයා යුතුයි.

📌කිසිදු කරුණකට අදාළව පෞද්ගලික ඒකරාශීවීම් සිදු නොකළ යුතුයි.

📌ඉදිකිරීම් කර්මාන්තය ඇතුළුව දෛනික වැටුප් ලබන කම්කරුවන්ට දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව සේවයේ නිරතවීමට අවසර.

📌ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ , ජංගම බෙදා හැරීම්, රෝගීන් රැගෙනයාම, අත්‍යවශ්‍ය සේවා හා අනෙකුත් අනුමත කටයුතු සඳහා පමණයි.

📌සීමීත මුදල් ගනුදෙනු සඳහා පමණක් බැංකු කටයුතු ක්‍රියාත්මක අතර වඩාත් දිරි ගන්වන්නේ Online මගින් කරන ගනුදෙනුයි.

📌ග්‍රොසරි සහ සුපිරි වෙළෙඳ සංකීර්ණවලට Online මගින් ඇණවුම් ලබාගෙන ජංගම රථ මගින් බෙදා හැරීමට අවසර.

📌අත්‍යවශ්‍ය වෙළෙඳසැල් විවෘත කිරීම පිළිබඳව තීරණය ගැනීමේ බලය දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුවට.

📌බේකරි නිෂ්පාදන ජංගම රථ මගින් බෙදාහැරීමට පමණක් අවසර ලැබෙන අතර අලෙවි සැල් විවෘත කළ නොහැකියි.

📌ජලය, විදුලිය, ඉන්ධන හා ගෑස් පිරවුම්හල් මෙන්ම මෝටර් ගරාජ් සහ ටයර් සේවා ස්ථාන අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදාගෙන හදිසි බිදවැටීම්වලදී සේවය ලබා දීමට අවසර.

📌දිස්ත්‍රික් සීමා උල්ලංඝණය නොකර දැඩි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ කෘෂිකාර්මික, සත්ව පාලන හා ධීවර කටයුතුවල නිරතවීමට අවසර.

📌කොවිඩ් නොවන අවමංගල්‍යයකදී පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතු අතර සහභාගි විය හැක්කේ පවුලේ සාමාජිකයින්ට පමණයි.

📌රෝහල්වල සාමාන්‍ය සායන කටයුතු නොපැවැත්වෙන අතර ලියාපදංචි රෝගීන්ට ඖෂධ නිවෙස්වලට ලබාදෙනු ඇති.

📌පෞද්ගලික හා රජයේ ඖෂධ අලෙවි සැල් විවෘත කර තැබීමට අවසර.

📌මීට අමතරව ග්‍රාම නිලධාරීන් සහ සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ට ද ඔවුන්ගේ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යා හැකියි.

📌අධිකරණ සේවා කොමිසමේ තීරණ අනුව හදිසි සහ අත්‍යවශ්‍ය කටයුතු සදහා අධිකරණ සේවා පවත්වාගෙන යාම.

📌අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයක් යොදාගෙන පළාත් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල කටයුතු පවත්වාගෙන යාම.

📌ආනයන , අපනයන කර්මාන්ත හා දේශීය නිෂ්පාදන කර්මාණ්ත අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩල යොදාගෙන පවත්වාගෙන යාම.

📌කෘෂිකර්මාන්තයට සම්බන්ධ කර්මාන්තවල සේවකයින්ට හා හිමිකරුවන්ට දිස්ත්‍රික් සීමා හරහා ගමන් කළ හැකියි.

📌රජයේ සහ පෞද්ගලික ආයතනවල වැටුප් සකස් කිරීමට අදාළ නිලධාරීන් ආයතන ප්‍රධානියාගේ ලිපියක් සමග සේවයට කැඳවිය හැකියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]