.webp)
ඉතාම පහසුයි අපිට රටක් වහන්න කියන තීරණය ගන්න. නමුත් ඒ තුළින් පීඩාවට පත් වෙන විශාල කොටසකට ඇති වෙන ප්‍රධාන පීඩාව තමයි නිෂ්පාදන ක්‍රියාවලිය, බෙදා හැරීමේ ක්‍රියාවලිය සුමට ලෙස සිද්ධ නොවන විට විශාල ලෙස භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා. නූල කැඩුණු සරුංගලයක් වගේ භාණ්ඩ මිල ඉහළ යෑම නවත්තා ගන්න පුළුවන් ක්‍රමයක් අපිට ඇති වෙන්නේ නෑ මේ සැපයුම් ජාලය අඩපණ වුනොත්. අපි වගකීමෙනුත්, ඉතාම කල්පනාවෙනුත් රට වෙනුවෙන් අමාරු යුගයක් තමයි එළැඹෙන්නේ. ඒ එළැඹෙන අමාරු යුගය තුළ අපි ජනතාවට රටට පුළුවන් ප්‍රමාණයට සහනයක් සැළසීම සඳහා ක්‍රියා කරනවා. පිටකොටුව ආනයන තොග නැති වුණොත් නම් කෑම බීම නැති වෙනවානේ. ඒ නිසා අපි පිටකොටුවේ වෙළෙඳ සංගම් සමග කතා කරලා තිබුණේ ඔවුන්ගේ ගබඩාවලින් භාණ්ඩ රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයලා, තොග වෙළෙඳසැල් විවෘතව තබන්ට කියලා, අවශ්‍ය පරිභෝජන භාණ්ඩ බෙදා හරින්න. මේ ආනයනය කරන භාණ්ඩ නිදහස් කර ගන්න බැරි වුණොත් නිදහස් කරපු භාණ්ඩ පිටකොටුවෙන් බෙදාහරින්න බැරි වුණොත්, විශාල භාණ්ඩ හිඟයක් රට තුළ ඇති වෙලා මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා අපි පුද්ගලික ආයතනවල සහය ඉල්ලා සිටිනවා. මේ වේලාවෙදි අපි රට වශයෙන් කැප කිරීම් කරන්න පුළුවන් ප්‍රමාණයට කැප කිරීම් කරමු කියන යෝජනාව මං පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කළ යෝජනාව අනුව මම ප්‍රථමයෙන් එය ක්‍රියාත්මක කිරීම සඳහා මගේ පාර්ලිමේන්තු වැටුප කොවිඩ් 19 අරමුදලට බැර කරන ලෙස ලිඛිතව දැනුම් දුන්නා. මේ අවස්ථාවෙදී රටේ සියලුම පාර්ශවයන් විසින් කැප කිරීමක් කරන්න වෙනවා. හැම කෙනෙකුටම රටක් වශයෙන් එයට.